පංචායුධය.
" මේ හරිය හොදයි අනේ තව ඉන්න බෑ මොනා හරි කාල යමුකෝ..."
ගී ගයමින් සිටි පිරිසගේ හඩ පරදමින් නිරූ කෑ ගැසුවේ වියනක් ලෙස ගස් වලින් වැසුනු වංගුවක් පසු කරද්දීමය. සැබවින්ම එය විඩා නිවා ගැනීමට සුන්දර පිහිටීමකි. මමත් ඇගේ ඉල්ලීමට එකග වූයේ බඩගින්නට වඩා පහ කලයුතු දේවල් බොහෝ වේලා සිට සිර කර ගෙන සිටි නිසාය.
මිතුරු සමාගමේ සැවොම වහාම රථයෙන් බැස ගත්තත් කෑම පසෙක තබා චායාරූප ගැනීමට පටන් ගත්තේ පුරුද්ද ට මෙනි.
" අඩෝ වරෙන් ..."
පසෙකට වී සිටි මට නිරූ ගේ සැමියා සසංක කතා කලේ චායාරූපයට අඩු එකම එකා මා නිසාය. මා සිටියේ වෙනත් අවශ්‍යතාවක බව සගවා ගෙන හනික එයට පෙනීසිට පසෙකට වූයේ සසංකට මා සුලුදිය පහ කිරීමට මදක් පහලට යන බව ඇගිල්ලකින් සංඥා කරමිනි.
වටින් පිටින් ගොම්මන් කලුවර වැටීගෙන එද්දී බටහිර අහසෙන් නික්ම යන අවසන් හිරු කිරණ දීප්තිමත්ව හැකි පමණින් මග පෙන්වමින් සිටියහ. කාන්තා පාර්ශවයට පෙනෙන තෙක්මානය පසු කලාදැයි පසු පස බලමින් පල්ලමට බැස මගේ බරින් නිදහස් වත්ම අනිච්චානුගවම වට පිට බැලුනි.
අහස උසට නැගගත් රූස්ස පයින් ගස් වලින් ගුප්ත කල කැලය මැද පෙර කී හිරු කිරණින් දිලිසෙන යමක් දක්නට ලැබුනේ මට වඩා යාර කිහිපයක් ඉදිරියෙනි. කැලය මැද දිලිසෙන යමක් තිබෙන්නේ කෙසේදැයි සිතමින්ම මා කරමින් සිටි දේ අහවර කරමින් ඒ වස්‍තුව දෙසට ඇදුනේ කුතුහලයකිනි.
" ඔහ් ශිට්..."
වියලුණු පයින් කොල වලට ලිස්සා වාරු නැතිව අසරන වූ මා රවුම් තුනක් විතර රෝල් වී ගොස් හිස ගසක වැදී නතර විය. හිසට පොල්ලකින් ගැසුවාක් මෙන් ඇති වූ කපනයෙන් ගල් ගැසුනු මා මද වේලාවක් එතනටම වී සිටියේ පියවි සිහිය එලඹෙන තෙක් ය. එවිටම මට සිහියට ආවේ මා දුටු වස්තුවයි. වහාම ගසත් අල්ලාගෙන නැගිට නැවත කන්ද දෙස ට නැග ඒ ස්තානයට පැමිණ බිම අතගා බැලුවෙමි
" ශා..... මාලයක්.'
මට කියවිනි. එහි වූයේ මාලයකට ඇමිනූ රත්‍රං පැහැති පංචායුධයකි... පුදුමයි අන් කවර දේටත් වඩා මට එයට ලෝබ සිතුනේ ඇයිදැයි නොදනිමි. අහසට ඔසවා එහි හැඩ බලමින් මා කල්පනා කලෙමි.
එක් වරම ඇසුනෙ අඩි හඩකි. වහාම මාලය සාක්කුවට ඔබා ඒ දෙසට හැරෙත්ම එහි වූයේ සසංකය.
" අඩෝ... උඹට මොකද වුනේ... පරක්කු නිසා බලන්න ආවෙ. ඒ මේ බලපන් නලලත් තඩිස්සිලා... මොකද වුනේ බන්."
ඌ කියද්දිම නොදැනුවත්තම මගේ අත නලල අත ගා බැලීය. ඇත්තටම අතට අසු වන තරම් එය තඩිස්සී ඇත.
" අවුලක් නෑ බන්...."
" යමන් යමන් තව ටික දුරයි... අරුන් බලන් ඉන්නවා..."
ඔහුට ඉස්සර වන්නට දී නැවතත් සාක්කුව අත ගා බැලුවේ සොයා ගත් දේ නිසැකව එහි තිබේද කියාය. ගැටලුවක් නැත එය එලෙසම ඇත. හිස අත ගාමින් ඔහු පසුපස යද්දී මගේ පසුපස ත් කොල පොඩි කරමින් අඩි හඩක් ඇසුන හෙයින් වහාම හැරී බැලුවවත් අදුරු ගස් හැර වෙන කිසිවක් එහි නොවීය. නමුත් මගේ කන් රැවටීමට තරම් ඇසුන් ඒ හඩ කුමක්ද නොදනිමි
........................................................................
" ඔතනින් වමට ... ඉස්සරහ බෝඩ් එක ඇති sun inn කියලා.. "
සාමාජිකයින් අතරින් එකෙක් කී මග අනුව රියදුරු රථය හැසිරවීය. සීත කදු පලාතක රැයක් කී සැනින් ම මතකයට එන්නේ පාලු කලුගල් බංගලාවක් වුවද මෙය නම් ම්ධ්‍යම පාන්තික සාමාන්‍ය දෙමහල් නිවසකි. කොල පාට කම්බි ගැසූ ගේට්ටුවෙන් ඇතුල් වූ පසු තණ වලින් සුන්දර කල මිදුල අලංකාර මල් පදුරු වලින් සරසවා ඇත. ඇවිද යන්නට සිමෙන්ති ගල් ඇල්ලූ මංතීරුවක් ද ඊටම යාබදව සිමෙන්ති වලින් තැනූ මේසයක් හා එ් වටා පුටු කිහිපයක් විය.
" තැන හොයා ගන්න අමාරු වුනාද...."
" නෑ ඇන්ටි මම එක පාරක් ආවනෙ ඉතින් මතකයි.. කෝ නංගි.."
මග කී එකා අසද්දීම ඒ කාන්තාවගේ ඉරියව් දෙස මගේ දෑස් යොමු වූයේ ආගන්තුකයන් ලෙස ගෙට ගොඩ වූ වහාම ගැහැණු ළමිස්සින් ගැන ඇසිම වරදක් යැයි සිතුනු නිසාය.
" එයා කලින්ම කාමරේ... දැන් ආයෙ එලියට බහින්නෙ නෑ .... "
නැත ඇයට එය එතරම් ගනනක් නැති හැඩය.
" අද සිතල අඩුයි වගේ නේද...."
" හෙ හේ බලපන්කො උදේ වෙද්දි..."
" යමු කාමර ටික පෙන්නන්නම්.... ඊට පස්සෙ ඇගපත සෝදගෙන කන ගමන් කතා කරන්න බැරියෙ."
කුලී නිවෙස් හිමියෙක්‍ට වඩා ඈ සත්තක්න්ම යහපත් ලෙස ආගන්තුක සත්කාර දැක්වීම සතුටට කරුණක් විය. ඈ පෙන්වූ ආකාරයට කාමර බෙදා ගත් විට මට ලැබුනේ උඩුමහලේ කාමරයකි. අනෙක රියදුරුටත් පහල මාලයේ කාමර එක බැගින් විවාහක ජෝඩු වලටත් සපයා දෙනු ලැබීය.
" එහෙනම් වොශ් එකක් දාලා පැයකින් විතර පහලට සෙට් වෙමු. "
...................................................................
රථයේ තිබූ බෑගයද රැගෙන කාමරයට ඇතුල් වී තවත් වේලා නොගෙන නාන කාමරයට රිංගා ගත්තේ උණුසුම් වතුර පොදකින් විඩාව නිවා ගැනිමටයි. ඒත් එක්කම සාක්කුවේ තිබූ පංචායුධය අතට ගත්තේ එයත් සෝදා පිරිසිදු කල යුතු යැයි සිතුන හෙයිනි.
පුරුද්දට මෙන් හද රැදි ගීයක් උරුවම්බාමින් කරාමය හැර හිතේ පරිදි නාන්නට වීමි. නමුත් සුලු මොහොතකින් මගෙ සිත වෙනතක යමු වූයේ කාමරය දෙසින් ඇසුණු හඩක් නිසාය. මට මතක පරිදි එහි දොර වසා ආවෙමි. මා කන් දී සිටියේ කුමක් වන්නේද කියාය. පැහැදිලි ය ඒ ඇසෙන්නේ සිනහ හඩකි කෙල්ලෙකුගේත් කොල්ලෙකුගේත් සිනහ හඩකි.
ඒත් මගෙ කාමරේ වෙන උන් දෙන්නෙක්... ගැටලුවකි. ඔහුන් මුකුළු කරමින් සිනහ වේ.
" කාමරේ වැරදිලාවත් ද.." සිතමින් කරාමය වසා දැමුවෙමි.. ඒත් සමගම සියල්ල නිහඩ විය. පුදුමයකි වතුර බිංදු වැටෙන හඩ හැර වෙන කිසිවක් නැත. එය නම් පැටලිලි සහගත විය. අඩිය පෙරට තිබ්බේ නෑම අවසන් කර කාමරයට යාමටයි..
" ඔහ්.. අම්මො.. "
පය ලිස්සා ගොස් විසිවූ පාර නවතා ගැනීමට අතට අසු වූයේ කරාමයයි. අත් වැරැද්දෙන් ක්‍රියාත්මක වු එයින් ආවේ ගින්දර මෙන් උණුසුම් වතුට පිට පුරා දවාගෙන ගියේ මගේ කෑ ගැසිල්ලත් සමගය.
පුදුම කරුමයකි මටම බැන බැන මා තුවායත් පටලගෙන හින් සීරුවේ නාන කාමරයේ දොර ඇරියේ කාමරයේ කවුරුන් හෝ හිටියොත් ලැජ්ජාවක් වන නිසාය.
" මොනවා...."
කාමරයේ කිසිම හැල හොල්මනක් නැත. දොරත් වසා ඇත. එතකොට ඒ සද්දෙ. අල්ලපු කාමරේද දන් නෑ. ඒත් ඒකෙ ඉන්නෙ driver නෙ. ප්‍රශ්න වැලකි. ඒ සිහියෙන් ම කොට කලිසමක් හා කමිසයක් ද කලිසම් සාක්කුවේ මාලයද දමාගෙන පහලට ගමන් කලේ දැනටමත් මා ප්‍රමාද ඇතැයි සිතාය.. මා හරින තුරුම කාමරයේ දොර ඇතුලතින් ම අගුලු දමා තිබීම සිතා ගත නොහැකිය.
මාගේ සිතුවිල්ල වැරදිය. තවමත් නිවසේ හිමිකාරිය කෑම මේසය සූදානම් කරන අතර අපේ සාමාජිකයන් එහි නැත.
මා දුටු ඇය මද සිනහවක් පා ඇගේ රාජකාරිය කරගෙන ගියාය.
" කෑම නම් ලෑස්තී මහත්තයො. රස්නෙ පිටින් කෑව නම් හොදයි."
ඇය නොකිය කීවේ යහලුවන්ට කතා කරන ලෙසයි. එය තේරුම් ගත් මා කාමර දෙසට හැරෙත්ම රියදුරු ද ඉහල සිට තරප්පු පෙල දිගේ පහලට බසිනු මා දුටිමි.
" නිරූ... සසංක.... ඇන්ටි කෑම ලෑස්ති කරලා..."
දොර හැරගෙන ආවෙ සසංක යි..
" අඩෝ... දැන්ම කනවද... මේ...."
දොර රෙද්දට මුවා කරමින් ඌ මට විස්කි බෝතලයක් පෙන්වා සිනාසීය. ඒ දෙස බලා ප්‍රශ්නාර්ථයක් මුනෙන් අගවා ඇන්ටි දෙස බැලීය
" මහත්තයල එහෙනම් වැඩ ඉවර කරල කන්න. මං වහල තියන්නම් . අඩුම කුඩුම කුස්සියෙන් ගන්න. උවමනා වුනොත් කතා කරන්නකො. "
ඈ ඉතා බැගෑපත් ලෙස පවසා යන්නට ගියාය. අවශ්‍ය දේවල් නිරූ හා චතූ අතින් සිදු විය එතෙක් සාලයෙ ටීපෝව සකසා ගත් අප රවුමට වාඩි වී සව්දිය පුරන්නට විය.
අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිමින් සීරුවේ බෝතලය හිස් කල අප කෑමට සුදානම් වනවිට රාත්‍රී 12 ටත් ආසන්න විය. මිතුරා කියූ පරිදිම රාත්‍රිය ගතවෙද්දී සීතල ක්‍රමයෙන් වැඩි වන බව මට දැනිනි. එය වඩාත් දැනුනෙ මෙතෙක් වෙලා කලාලය මත තබාගෙන සිටි දෙපා නිරුවත් සිමෙන්ති පොලොව මත තබා ඇවිදින විටය .
' " හම්මෝ උඹලට සීතල නැද්ද බන්..."
මම අසන විටත් කාන්තාවන් දෙදෙනා හිස් වැසුම් ද දා අවසානය.
"මමත් ජර්සිය අරන් එන්නම්... "
කියා කාමරයට දිව ගොස් දොර හරිත්ම ගලා ආ සීතල සුලගකින් මගේ දත් පවා සිරිවැටි ගියේය . මා ජනේලය හැර ගියාද මතකයක් නැත. නමුත් දැන් එය සම්පුර්ණයෙන් හැර දමා ඇත. එ ජනෙලය විව්ර වන්නෙ සදළුතලයට බව දැක්කේ දැන් ය. එලිමහනේ සිට හමා එන සැර සීතල සුලගෙන් තිර රෙදි උඩ විසි කරමින් හුලං හමා ඒ..ඒ සුලගත් සමග මිහිරි ගීතයක් ද ඇසෙන්නට විය.දෙපසට හැරුනු පියන් දෑතින්ම අල්ලා වසන්නට යද්දී මා දුටුවේ පුදුම දෙයකි.
" මොකක්... පිස්සුද මන්දා...."
මට කියවිනි. මිදුලේ සාදා ඇති සිමෙන්ති බංකුව මත වාඩි වි සිටියේ කෙල්ලෙකි. කිසිදු සීත ආවරණයකින් තොරව රාත්‍රී ඇදුමින් සැරසුනු ඈ මට පිටුපා වාඩිවී සිටී. මාත් තව ඉදිරියට පැමිණ ඈ දෙස බලා සිටියේ මුහුන බලා ගැනීමටයි නමුත් කඩා දැමූ බොකුටු කොන්ඩයෙන් ඇගේ මුහුණෙ අඩක්වත් නොපෙනේ
මා බලා සිටින බව දැනුනාක් මෙන් ඇගේ හිස මා දෙසට හැරෙන්නට විය.
" දඩා...ං...
" හම්මෝ...
ඇගට දැනෙන සුලගක් දැනුනේ නැත.. නමුත් මහ හඩින් ජනේලය වැසි ගියේ මා එලියේ සිටියදිමය... කවුරුන් හෝ බලෙන් වසා දැමුවාක් මෙන් වේගයෙන් එය වැසී ගියහ. තිගැස්සුනු මා ජනේලය දෙස බලා ආපසු මිදුල දෙස බලද්දී අර කෙල්ල සිටියේ නැත. සිදුවූ සියලු සිද්ධි සමග දැන් නම් මගේ සිත තරමක් කලබලය. නැවත කාමරයට විත් ජනේලය වසා ජර්සිය ද ඇගලාගමින් පහලට යනවිට අනික් උන් මේසය මත ආහාර ගමින් සිටියෝය. ඇන්ටීද චීත්ත රෙද්දකින් හිස වසා මේසය අසල සිටගෙන සිටියාය.
" පහල තව කාමර තියනවද ඇන්ටි . අද තව කට්ටියට කාමර දීල තියනවා ද"
" එච්චර කාමර කොහෙද මහත්තයො තියන ටික තාමා මහත්තයලට දුන්නේ... "
" එහෙනම් ඇන්ටිගෙ දුවට පිස්සු ද අප්පා මේ සිතලේ මිදුලෙ වාඩි වෙලා ඉන්න..."
" අපේ කෙල්ල ..... අනේ ඒකි අර ඔලුවෙ ඉදන් පොරොවන් නිදාගෙන ඉන්නේ මහත්තයො."
කටට ගත් බත් කට ගිල ගත් නොහැක් තරම් මගේ උගුර සිර විය. එහ්නම් අර කවුද... මම සිතිමි
" පිස්සු නැතුව කන්න අනේ අපිවත් බය කරනවා...."
මගේ මුහුණ වෙනස නිරූ දක්න්නට ඇත. එසේ කියමින් ඇ සසංක දෙස නුහුරු බැල්මක් හෙලීය
සිතුවිලි සියල්ල සිතේ හිරකරගෙන හැකි පමණ ආහාර ගත් මා කිසිවක් නොකියා කාමරයට ඇදුනේ තරමක් ව්‍යාකූල මනසකිනි. අඩියෙන් අඩිය තරප්පු පෙල නැග අගුල කරකවා දොර හැරියා පමණි
" ආ...... හ්.........'
දුටු දෙයින් කෑ ගැසී පසුපසට විසි විය. මගේ ඇද මත වකුටු වී සිටියේ සරමක් ඇදගත් පිරිමියෙකි. අඩ අදුරේ ඒ පිරිමි රුවක් බව පමණක් අදුනා ගත හැකි විය. වහාම අත ගියේ විදුලි ස්විචයටයි. කාමරයේ පහන් දැල්විනි. සියල්ල අතුරුදන් මා පමණක් ඉතිරිව ඇත.
" මේ මොකද වෙන්නේ....."
මා කියා ගත්තේ තේරුම් ගත නොහැකි ගුප්ත යමක් මා වටා කරකැවෙන බව දැනුන නිසාය.
......................................................................
කාමරයේ දොර ජනෙල් අගුලු දැමූ බවට දෙතුන් වරක්ම පරීක්ෂා කලෙමි. විදුලි පහන්ද නිවා ඇද මත වැතිරී පංචායුධය ඇගිලි තුඩු වලින් පිරිමදිමින් දවසේ සිදුවීම් ගලපා ගන්නට උත්සහ කලෙමි. මත් පැන් වල ප්‍රතික්‍රියාව ත් සෙමින් සෙමින් හිස කරකවද්දී නින්දත් අඩ නින්දත් අතර වෙනම ලෝකයක තනිවූ බව මතකය.
එක් වරම මා ගැස්සී ඇහැරුනෙ කාමරය පුරා පිරුණු සීතල සුලග නිසාය . අඩවන් වූ ඇස් වලින් ජනේලය දෙස බැලුවත් එය එලෙසම වසා දමා ඇත.
" හ්ම්ම්...."
හුස්මක් හෙලමින් දොර දෙස බැලීමට හිස වම් පැත්තට ඇල කලෙමි
" ආ.... ආ... අම්මෝ..... නෑ...."
කෑ ගසා ඇදෙන් නැගිට මා නතර වූයේ දොර අසලය. ඒ දර්ශනය දෙයියනේ.... මගෙ දෙපා ලග වාඩි වී සිටියේ වයසක හැහැණියකි ඇය එක් අතකින් මගේ පාද පිරිමදිමින් සිටියාය.
කෑ ගැසීම කොතරම් ද කියුවොත් නිවසේම සිටි උන් දොර ලග රැස් ව දොරට තඩිබාන්නට විය.
" දොර ඇරපන්.... ප්‍රගියා... උඹ හොදින් ද අඩෝ දොර ඇරපන්."
කොතරම් වෙලා ගත්තාද නොදනිමි වෙව්ලන දෑතින් දොර ඇර එලියට පැන්නෙමි.
" අනේ මෙහෙ ඉන්න බෑ බං ඉක්මනට යමු.. මෙහෙ හොල්මන් ඉන්නවා. මේ දැන්ම යමු මේ දැන්ම.. "
" මොකක් මොනාද උඹ මේ කියවන්නේ..."
සසංක මගේ දෙවුරෙන් අල්ලා වේගයෙන් සෙලවීය. ඒත් සමග මගේ කල්පනාව වෙනත් අතක ගියේ මා අත ඇති පංචායුධය වෙතය. සගයන් ගේ කෑ ගැසිල්ල සුලගට පමණක් ඇසෙන්නට ඇත මට පෙනුනේ ඔවුන්ගේ සෙලවෙන කටවල් පමණකි .
හොල්මන් ඉන්නේ මෙහෙද නැත්නම් ..... මේ මාලයෙද. ඔක්කම වෙන්න ගත්තෙ මේ මාලය ලැබුනයින් පස්සේ... දෙයියනේ එහෙනම් ඒක තමයි මේ...
" මචං ... අඩෝ කතා කරපන්. හරි හරි අපි යමු නිරූ ඔයාලා ලෑස්ති වෙන්නකො කොහොමත් දැන් එලිවෙන්න ලගයි නෙ. "
සසංකගේ විධානයත් සමග ඌ හැර සියල්ලෝ විසිර ගියහ.
" මට ඇත්ත කියපන් මොකක්ද වුනේ..."
තරමක් සංසුන් වන්නට හැර ඌ මගෙන් ඇසීය.
කිසිවක් නොකියා මා අත තිබූ පංචායුධය ඔහුට දික් කලෙමි.
" මොකක්ද මේ.."
" හවස මගදි ඕක ඇහිද ගත්තෙ. ඕක ගත්ත වෙලාවෙ ඉදල මං පස්සේ හොල්මන් කැරකෙනවා... මට බයයි බං..."
" රෙද්ද... දීපන් ඕක මෙහෙට . මොකා මොනා කරපුවද දන් නෑ... "
මගෙන් බලෙන් ම එය උදුරාගෙන උගේ සාක්කුවේ දමාගෙන මා කාමරයට තල්ලු කලේ හනික ලෑස්ති වන්නට උපදෙස් දෙමිනි. මටත් අවශ්‍ය වූ එකම දේ මෙහෙන් පිටත් වන්නට පමණි.
.....................................................................
" තාම පාරෙ මීදුම. මහත්තයල පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්.. ගෙදර ගිහින් පණිවිඩයක් දෙන්න.."
නිවෙස් හිමිය අකමැත්තෙන් මෙන් අපිට සමුදුන්නේ දුක් මුසු මුහුණෙනි.
අඩි කිහිපයක් පමණ දුර පෙනෙන මීදුම කපාගෙන වංගු අතරින් රථය ඇදෙද්දී සීත සුලං සියොලගම හිරිවටමින් කවුලු අතරින් වෑස්සෙන්නට විය. සියල්ලෝම නිහඩ නිසා රථයේ හඩ හැර කිසිවක් ඇසෙන්නට නැත.
මාලය මිතුරාට දුන්නත් සිතට සහනයක් දැනුනේ නැත හිසද හදවතද පුදුම බර ගතියකින් පිරී ඇත. නිහඩ බව නිසා පුදුමාකාර මූසල බවක් හතරවටින් වද දෙද්දී පාර කොනේ සරල ඇදුමකින් සැරසුනු තරුණයෙක් අපිට ඉදිරියෙන් ඇත් වංගුව පසු කරනු මම දුටිමි. වහාම නෙත් යොමු වූයේ ඔරලෝසුවටයි. වේලාව පාන්දර 4 ට ආසන්නව ඇත.
" මේ සීතලේ කොහෙ යනවද දන් නෑ. මෙහෙ මිනිස්සුන්ට පුරුදු ඇති නේද.."
රියදුරුගෙන් මම ඇසීමි.
" කවුද මල්ලි.."
" අර යන්නෙ ඉස්සරහ.. "
රියදුරු මා දෙස කන්නට මෙන් බලාගෙන සිටියේය. මා මේ කියන්නේ මොකක්ද යැයි අසන්න්නට මෙන් ඔහු පසුපස ඉන්න උන්ගේ මුහුණ දෙසද බලනු මම දැක්කෙමි.
රථය ඉදිරියට ඇදෙද්දී පාරේ සිටි තරුණයා නතර වී මා දෙස එක එල්ලේ බලා සිටියේ ඇසි පිල්ලමක් වත් නොගසා යැයි මට සිතිනි. ක්ෂණයකින් ඔහු පසු කර රථය ඉදිරියට ඇදෙද්දී මා වහාම පසු පස හැරී බැලුවේ ඒ තරුණයා තාමත් පාරේ සිටීද යන්නයි...
" දෙයියනේ... " ඌ නැත... කුමක් ද මේ වෙන්නේ ඌ ව පෙනුනේ මට විතරක් බව විස්වාසය.
" මොකද බං..."
මගේ කලබලකාරී හැසිරීම දුටු චතූගේ සැමියා ඇසීය.
" සසංක අරක උඹ ලගද.?."
සියල්ලටම හේතුව මාලය බව නිගමනය කල මා ඇසීය.
" මොකක්ද බං... ආ අරකද ඔව් මේ තියෙන්නේ..."
ඔහු මට එය දිගු කලේය.
" එපා එපා... ඕක විසි කරපන් විසි කරපන්... ඕක ලග තියෙද්දි හොල්මන් පේනව අනේ විසි කරපන්."
පිස්සෙක් මෙන් කෑ ගසද්දී වෑන් රථයද නතර කලේය.
" හරි හරි හිටපන් ඔන්න විසිකලා..."
ජනේලය විවුර්ත කර ඌ එය සැබවින්ම විසි කලේය.
හ්ම්ම්ම්
එය නම් මට ඉමහත් සහනයක් විය. සියලු ප්‍රශ්න දැන් නිමාවනු ඇත. රාත්‍රියේත් හරි හැටි නින්දක් නොමැති නිසා අසුනටම බර වූයේ දැන්වත් නින්දක් ලබා ගැනීමටය.
......................................................................
එදින සසස් වන විට අපට නිවෙස් කරා ඒමට හැකි විය. අන් අය අදාල ස්තාන වලින් දැමූ පසු සසංකත් මමත් නිරූත් පමණක් ඉතිරි විය.
" උඹ අද මෙහෙ ඉදල පලයන්. නිරූ කාමරෙ පොඩ්ඩක් අස් කරල දෙන්නකො. නලල තැල්ම හොදට පේනව ඕකට බෙහෙත් ගන්න වෙයි හෙට. "
" අවුලක් නෑ බං මම යන්නම් . දැන් හරි ආයෙ නම් නොදන්න කිසි දෙයක් ලග තියා ගන් නෑ අම්මෝ..."
" නෑ නෑ අද ඉදල යමන් විකාර නැතුව. ගියත් තනියමනෙ ඉන්න වෙන්නෙ."
ඒ ඉල්ලීම මට ප්‍රතික්ෂේප කල නොහැකි විය දන්නා කාලයක සිට මට සිටි එකම මිතුරාත් සහෝදරයාත් ඔහුම විය.
නොදැනීම කාලය ගත වී රෑ බෝ වූ නිසා කාමරයට ගියේ නිදි මතටත් වඩා මහන්සියටය. ඇද වට්ටම මත කොට්ටය තබා ඇලවී කල්පනා කලේ මා මුහුණ දුන් සියල්ල සත්‍ය ද කියාය. බය වැඩි කමට විසි කරන්නට සිදු වුවත් ඒ පංචායුධය කෙරෙයි මට වූ ලෝබ කම තවමත් පහව ගොස් නැත. දැන් පලක් නැත. සියල්ල අවසානය
මටම සුභ රාත්‍රිය පතමින් නින්දට වැටුනත් ඒ රාත්‍රිය අන් කවරදාටත් වඩා දිගු වේ යැයි මා සිතුවේ නැත...
" හ්හ්හ්හ්හ්හ්......."
පෙනහලු පිරෙන බර හුස්මක් සමග මා අවදි විය.
" එපා එපා.... අනේ එපා.... ඒක මං ලග නෑ....."
මට කෑ ගැසිනි. දෙයියනේ උන්ට මගෙන් මොනාද ඕන..
වයසක ගැහැණිය ඇදේ පහල කොණේ වාඩි වී මගේ පාද පිරිමදී... සරමක් ඇද ගත් පිරිමියා මට දකුණු පසින් වකුටු වී නිදාගෙන සිටී.. කොණ්ඩය බොකුටු තරුනිය අමුතු සිහින් හඩකින් ගීයක් කියමින් වැනි වැනී දොර අසල සිටගෙන සිටී... මහ මග වංගුවේ සිටි තරුණයා ජනේලයට බර වී එයින් එලිය බලාගෙන සිටී...
දෙයියනේ මට සෙලවෙන්නවත් නොහැකිය. සෙලවුනත් යාමට තැනක් නැත.
" මට සමා වෙන්න මට සමා වෙන්න... මං ඒක හිතල නෙමෙයි ගත්තේ... මම ඒක විසිකලා.. අනේ මට ඉන්න දෙන්න... "
මම කෑ ගැසීමි. මගේ හඩ පිටවූවාදැයි මම නොදනිමි. ඒත් මෙයින් ගැලවීමට අන් විදියක් ද මා නොදනිමි.
" ප්‍රගියා...දොර ඇරපන්.... ඇයි කෑ ගහන්නේ... ඉක්මනට දොර ඇරපන්...."
සසංක දොරට තඩිබායි. කලින් නිසොල්මංව සිටි භූතයින් ටිකෙන් ටික මා වෙත ඇදෙන්නට විය. හතර වටින්ම මා වට කරගෙන මොන මොනවද මුමුණන්නට පටන් ගත් හ . සුලගට මුසු වු ඒ වචන මන්තරයක් ලෙස මට ඇසුනේ " එන්න. එන්න.එන්න එන්න...." කියනවා පමණි.
මොහොතක් ගතවිය මහා හඩක් සමග දොර විවර වී සසංකත් නිරූත් මා වෙත ආහ. භූතාත්ම අතුරුදන් . දහඩියෙන් කදුලින් මා තෙත් වී ඇත . වෙව්ලන වේගයෙන් ඇටකටු එකිනෙක වදින හඩ මටම ඇසෙයි.
" හරි ... හරි.. ඔක්කම හරි... හිනයක් වෙන්න ඇති..."
නිරූ මා සනසන්නට උත්සහ කලාය.
" උඹ ඒක විසි කලා නේද ඇයි උන් තාම මගෙ පස්සෙන් එන්නෙ..."
" මේ අහපන් උඹ මොනාද මේ කියන්නේ කව්ද උඹේ පස්සෙන් එන්නෙ."
" ගෑනු දෙන්නෙකුයි මිනිස්සු දෙන්නෙකුයි... "
" මොකක්... "
කියමින් සසංක නිරූගෙ මුහුණ දෙස බැලීය.
" හ්ම්ම්ම්. මං දන් නෑ උඹට අද මොනා වුනාද කියලා... ඒත් තවත් මේක හංගලා වැඩක් නෑ.. නිරූ අරක ගේන්න..."
" මොකක්ද ඇත්ත කියපන් මට.."
" ඔහොම හිටපන්කො.."
මද වේලාවකින් නිරූ brown paper කවරයකින් ඔතන ලද යමක් රැගෙන විත් සසංක අත තැබීය.
" මට සමාවෙයන් මචං.. වෙලාව එනකන් මට මේක කියන්න විදියක් තිබ්බේ නෑ.."
ඔහු එයින් එලියට ගත් චායාරූප කිහිපයක් මා අත තැබීය.
" මොනවා.... මේක වෙන්න බෑ... "
එහි සිටියේ අර ගැහැණු දෙදෙනාත් පිරිමි දෙදෙනාත් මමත් ය..මගෙ කරේ අර පංචායුධය ද දමා තිබිනි.
" කියපන් කියපන් මොකක්ද මේ..."
" මේ උඹේ පවුල මචන්... දවසක් trip එකක් ගිහින් එනකොට උඹලගෙ වෑන් එක accident වෙලා කියලා ආරන්චි වුනා.. අපි යනකොට වෙන්න ඕන ඔක්කම වෙලා.. ඉතිරි වුනේ උඹ විතරයි උඹත් මාස ගානක් කොමා එකක් හැදිල ඉදල නැගිට්ටේ අවුරුදු ගානක මතකය නැතිව. Dr ල කියපු නිසා අපි උඹට මුකුත් මතක් කලේ නෑ . ඒත් කරුමෙට අද එතනම අපිට නවත්තන්න වුනා උඹේ අතේ තිබ්බ පංචායුධය දැක්කම මට දෙවියො සිහි වුනා..
උඹ දැක්කේ හොල්මන් ද නැද්ද මම දන් නෑ. ඒත් උඹා ඔලුව වැදිල තිබුන එකත් පංචායුධය හම්බුන එකත් එක්කම මේ සිද්දිත් වෙද්දි මට හිතුන උඹේ මතකය ආයෙ එන්න පටන් අරන් ඇති කියලා.. ඒකයි මම මේව කියුවෙ.. දැන් හිත සනස ගනින් හැමදේම හරියයි..."
උගේ වචන එක්ක මගෙ හිස කරකැවෙමින් විකාර වන්නට විය. අතීතයත් වර්තමානය ත් කලවම් වී මගේ මනස විකුර්ව් කලේ එදින රාත්‍රියට මා ගෙන යමිනි.
" අනේ අයියේ හිමින් යමුකො.... මට බයයි..."නංගී කෑ ගැසීය
" උඹ බීල නේද ඉන්නේ ටිකක් හිමින් යමන් වංගු වැඩී මේ පාරේ.."
අයියා කනට කර කීවේ අනික් අය මා බීමතින් බව නොදත් නිසාය.
" අනේ පුතේ කියන දේ අහන්නකෝ..."
" හරි අනේ කට වහන් ඉන්නකෝ... මමනෙ එලවන්නේ... "
කියා කට ගැනීමට නොහැකි විය.. අදුරත් සමග තිබූ වැලමිට වංගුවේ ප්‍රමාණය මට නිශ්චය කර ගැනීමට නොහැකි විය. පාරෙන් පිට පැන්න රථය කී වතාවක් කැරකුනාද නිච්චි නැත. සිහි එන විය මගේ මව මගෙ දෙපා අසල වැතිර ලෙ පෙරමින් මගෙ පාද පිරිමදිමින් සිටියාය. පියා නිසොල්මන්ව වකුටු වී ආසනය මතම අවසන් ගමන් ගොස් ය.
මුහුණෙ එක් පැත්තක් ගැලවී ගිය නංගී තවමත් ගැහි ගැහී පණ අදී.. තරමක් ඈතින් සිටි අයියා ඇස් ඇරගෙනම පටලොව ගොස් ය..
අනෙ දෙයියනෙ මං වගේ පවු කාරයෙක්...
සියල්ල අවසානය මා ඔවුන් මරා ගෙන. ඇයි මං විතරක් ඉතිරි වුනේ.. මා දුටුවේ ඔවුන්ගේ අවතාරද.. නැතිනම් හිසේ කම්පනය නිසා නැවත් මතුවු බොදවු මතකයන් ද.. මම නොදනිමි. නොමැරුනු මා අදින් පසු මැරි මැරී උපදින බව පමණක් දනිමි...
සමාප්තයි