
එකදාස් නවසිය නවයක්වූ බක් මස විසි දෙවන දින උදෑසන
හිමිදිරි පාන්දර කුකුළන් හඩලන හඩින් අවදිවූ ජේන් නෝනා චීත්තය ඉනට හිර කරමින් පැදුර දෙස බලා කට කොනකින් සිනාවක්
නගමින් පැදුර හකුලා ආනේ දැමුවේ තේ කහට ඩිංගක් වත් සාදන්නට සිතමිනුයි...
හිමිදිරි පාන්දර කුකුළන් හඩලන හඩින් අවදිවූ ජේන් නෝනා චීත්තය ඉනට හිර කරමින් පැදුර දෙස බලා කට කොනකින් සිනාවක්
නගමින් පැදුර හකුලා ආනේ දැමුවේ තේ කහට ඩිංගක් වත් සාදන්නට සිතමිනුයි...
දහ නව වැනිවියේවූ ජේන් නෝනා
ඒ අසලමවූ ට්‍රන්කා පෙට්ටිය මත තිබු පනාවක් ගෙන තම දිගු වරල පීරන්නට වන්නී
පෙරදා රැය සිහි කරන්නට වුනේ කොන්ඩයෙහිවූ අනේක විද ගැට ලිහමිනුයි...
ඒ අසලමවූ ට්‍රන්කා පෙට්ටිය මත තිබු පනාවක් ගෙන තම දිගු වරල පීරන්නට වන්නී
පෙරදා රැය සිහි කරන්නට වුනේ කොන්ඩයෙහිවූ අනේක විද ගැට ලිහමිනුයි...
විවාහවී මේ පැලට ගාටා අදට දින සතක් පිරෙන බව ඈ ඒ අතරින් කල්පනා කලාය...
මේ දින සතේම රාත්‍රීන් ගෙවුනේ කරණේලිස් ගේ තුරුලේ හෙයින් ඇයට පාලුවක් නොදැනුනි...
තමාට නින්ද ගිය ඇසිල්ලේ ඔහු ඉස්තෝප්පුවේ ලනු ඇදට යන්නට ඇතුවාට සැක නැත...
ඔහු දෙස වරක් බලන්නට සිතූ ඈ කොන්ඩය ගෙඩියක් වන්නට බැද දොර පැලැල්ල මෑත් කරන ලද්දී සෙමෙන් කරපොවා ලනු ඇද දෙස බැලුවාය...
ලනු ඇද හිස්ව තිබිණි ...
ඈ වට පිට බැලුවාය...
පහල රබර් කට්ටිය දෙස සිට කළයක් කරෙහි තබාගෙන
සරම කැසපට කවාගෙන එන හීන්දෑරි කාලවර්ණ ඉලන්දාරියා කරණේලිස් බව දුටු ඈ ඇස් කරකවමින් ඔහු දෙස බලා හුන්නාය...
සරම කැසපට කවාගෙන එන හීන්දෑරි කාලවර්ණ ඉලන්දාරියා කරණේලිස් බව දුටු ඈ ඇස් කරකවමින් ඔහු දෙස බලා හුන්නාය...
ඔහුගේ දිගු වරලස පිට දිගට මුදාහැර තුබූ අතර රැවුල පපුව වසා පහලට වැටී තිබිණි....
"දැන්ද නෝනෙ ඇහැරුනේ...
කිසිත් නොකී ජේන් නෝනා මද සිනා නැගුවාය...
"මුට්ටියක් ඇන්න ආව නම්,
මෙයින් කිරි ඩිංගක් රත් කොරල ගන්න තිබ්බ හීලට කලියෙන් සප්පායම් වෙන්න ඇහැකි..."
මෙයින් කිරි ඩිංගක් රත් කොරල ගන්න තිබ්බ හීලට කලියෙන් සප්පායම් වෙන්න ඇහැකි..."
කියන සුනංගුවෙන් මුලුතැන්ගෙට ගිය ඈ කිරි උණු කිරීම පිණිස කුඩා මුට්ටියක් රැගෙන ආවාය...
"අයියණ්ඩි මට කීද්දුවෙ නැත්තෙ මොක..."
"නගා මොටද මේ වැඩේ කොරන්ට...
ඒකයි මන් නොකියම ගියේ..."
ඒකයි මන් නොකියම ගියේ..."
"මීට පස්සෙ මට කූද්දන්ට...
මටත් ඇහැකි කිරි දොවන්ට..."
මටත් ඇහැකි කිරි දොවන්ට..."
"මන් නොදන්නවැයි නගාගෙ දෙවිලි...."
කී කරණේලිස් ජේන් නෝනාගේ ඉනට සිහින් තට්ටුවක් දැම්මේ ඇසක් ඉගි මරමිනි...
"හරි නරකයි අයියණ්ඩි...
ඕනනෑ කතා කොරන්ට මා එක්ක...."
ඕනනෑ කතා කොරන්ට මා එක්ක...."
කියමින් බොරු හුරතලයක් මවා පාමින් නෝකකඩුවෙන් මෙන් කුස්සිය වෙත ඇදුනාය...
කුස්සියේ ලිප අසල ඇන තබා ගත් ඈ එයට ගිනි ලමින් කිරි රත් කරන්නට වන්නී
අතීතයට හිත දිවයන්නට වූයේ ඈටත් හොරාය...
අතීතයට හිත දිවයන්නට වූයේ ඈටත් හොරාය...
කුඹුරු යායක්ම අදයට ගෙන කරවූ බේලිං රාලගේ එකම දුවවූ තමා
තම මව වූ බේබි හාමි සමග ගෙවූ කුඩා අවදිය ඈට මතකයට ආවාය..
තම මව වූ බේබි හාමි සමග ගෙවූ කුඩා අවදිය ඈට මතකයට ආවාය..
"අම්මල දූල වී වේලනව වගේ....
හොදා හොදා..."
හොදා හොදා..."
කියමින් අප්පච්චි ගෙට ගොඩවූ අතර විලියෙන් රතුවූ ජේන් නෝනා මාගල මත වී තුනී කරන්නට උනාය...
මාගලෙන් නැගිටි ඇගේ මව...
"කෙල්ලේ උඹ ඕක තුනී කොරපන්...
මන් අප්පච්චිට් කහට ඩිංගක් වක් කොරල දීල එන්නම්..."
මන් අප්පච්චිට් කහට ඩිංගක් වක් කොරල දීල එන්නම්..."
කියමින් ගෙට ගියේ චීත්තයේ අත පිසිමිනි...
ජේන් නෝනාගේ පියා බේලිං අමුඩ ලේන්සුවෙන් ගත දාබිදු පිස දම්මින් තම දියණිය දෙස ආදරයෙන් බලා හුන්නාය...
පහල වෙල් දෙණියේ ගොයම් කපා ඉපනැල්ල මතුව තිබුනෙන් ගමේ කොලු රැලට රජ මගුල් ය...
මහ හඩින් කෑ කොස්සන් ගසමින් ඔවුන් පන්දු ගසනවා වන්නට ඕනය...
එක්වරම පහල වෙල දෙස සිට හඹා ආ කිසිවක් මාගල මත වැරෙන් පතිත විය...
ජේන් නෝනා වී වලින් වැසී ගියාය...
"මොකක්ද කෙල්ලේ ඒ..."
කියු බේලිං මාගල වෙත දිව ආවේ පිම්මේය...
ඒ ඇසිල්ලේ පහල කුඹුර දෙස සිට දිව ආවේ කොලු ගැටයෙකි...
"මාමණ්ඩි ඔට්ටුපාලු පන්දුවක් මේ පැත්තට ආවැයි..."
සිදුවූ සංගෙදිය තේරුම් ගත් බේලිං මාගල මතවූ ඔට්ටුපාලු ගුලිය අතට ගත්තේය...
"ඉදා උඹලයි මගුල...
ආයෙ හෙම මෙහෙ එවුවොත් දානව අම්මපා ලිපට..."
ආයෙ හෙම මෙහෙ එවුවොත් දානව අම්මපා ලිපට..."
කියා ඒ කොලූ වෙත විසිකලේය...
මාගල මත තුෂ්නීම්භූතව බලාසිටි ජේන් නෝනා දුටු ගැටවරයාට එක්වරම සිනා පහල විය...
"දූපියවු යන්න..."
බේලිං ගර්ජනා කරෙන් ඔහු පැනදිවීය...
ජේන් නෝනාගේ සිතට හොර රහසේ බැලුම් හෙලූ කරණේලිස් එසේ මුල්ම හමුවීම සටහන් කලේය...
"ඕක උතුරනවා පේන්නේ නැතෙයි...."
පියවි සිහිය ලද ජේන් නෝනා දුටුවේ පෑල දොරෙන් තමා දෙස බලා සිටිනා කරණේලිස් හා
උතුරා යමින් තිබූ කිරි මුට්ටියයි ...
උතුරා යමින් තිබූ කිරි මුට්ටියයි ...
ඇබින්දක් උන්න නම්...
0 comments:
Post a Comment