
#මාටින් සමග කලුසෝමේ 9
මාටින් මියගොස් වසරක් පමණ ගතවුවද ඔහු ජීවත්ව සිටියදී වාසයකල නිවස කිසිවකු නොපැමිනීම හේතුවෙන් පාලුවී ගරාවැටී තිබූ අතර මාටින්ගේ අවතාරය ඒ අවට සැරිසරන අයුරු කිහිප දෙනෙකු විසින් දැක තිබූණි.
මාටින් මිය යන මොහොතේ ඔහුගේ නිවස හිතවත් උපකාර කල තැනැත්තාට පවරාතිබු නමුදු ඔහු ඒදෙසවත් නොබැලු අතර රෝගීවසිටි ඔහුද ටික කලකට පසු මියගොස් තිබුණි.
කෙසේ වෙතත් ගැමියන්ගේ විස්වාසය වී තිබුනේ මාටින් මියගියද ඒ නිවසෙහිම අවතාරයක් වී හිදිනා බවය.
මේ අතරේ කලුසෝමේගේ අවතාරය ගැන කව්රුත් අමතක නොකර කතා කරන්නටවුයේ නිතරම ගමේ තැන තැන රාත්‍රී කාලයේ දැක ගන්නට ලැබීම නිසාවෙනි.
ඇතැම් විටෙක ඔහු මිහිදන් කල සොහොන අසල ගැවසුන අතර බොහෝ අවස්තාවන්හිදී ගමේ නිවෙස් ආසන්නයේද තුන්මන් හන්දි අසලද කලුසෝමේ දැක තිබුනි.
සෝමේ ජීවත්ව සිටියදී රැයක් දවාලක් නොබලා ආගිය තැනක් වුයේ කුසුමාගේ නිවසය.
දිනක් රැයක තද නින්දේ පසුවන කුසුමාට කව්දෝ දොරට ගසන හඩක් ඇසී ඇය නින්දෙන්ම දොර විවරකල අතර නිවස තුලට පාවී ආවේ කලුසෝමේගේ අවතාරයයි.
ඒසැනින්ම සෝමේ මියගොස් ඇතිබව සිහිවූ ඇය අවතාරයට බියෙන් මරහඩ නගා අසල නිවසට දිවගිය අතර බියටපත් ඇය සිහිසුන්ව ඇදවැටී ඉන්පසු දිනගානක් ගතවිමෙන් පසු ඇයද සෝමේගේ ලොවටම ගොස් තිබුනි.
ඒ සිදුවීමත් සමග තරමක්හෝ බියපහවගොස් තිබු ගමට යලිත් භීතිය ගලා ආවේය.
යාන්තමින් ඇදිරි වැටෙනවිට කව්රුත් ගෙවල් වලට වී දොර ජනෙල් වසාගත් අතර ගමම අදුරින් වැසී පාලුවී තිබුනි.
මැදියම් රැය උදාවීමත් සමග ගමේ බොහොමයක් ගෙවල්වල දොරට තඩිබාන්නටවු අතර කිසිවකුත් දොර ඇර නොබැලිය.
මේවනවිට සෝමේගේ අවතාරය ගමට ඉමහත් හිසරදයක්ව තිබුනද කිසිවකුත් ඉන්මිදීමට මගත් කල්පනා නොකලේය.
කිසිත් පිහිටක් නොමැති ගම්වැසියනගේ ඒකම විසදුම බවට පත්ව තිබුනේ බියේ ගැහෙමින් නිවෙස් තුලටවී හිදීම පමණකි.
ඔව්න් මුලු රැයම පහන්කලේ කුමකින් කුමක් සිදුවේදැයි කියා අපමන බියකින් යුතුවය.
මෙසේ කල්ගෙවනා අතරෙහි තවදුරටත් මෙය ඉවසනු නොහැකි ගමේ ඒක්තරා තැනැත්තෙකුට කදිම අදහසක් පහලවිය.
ඈත ගමක සිටිනා යකදුරෙකු සොයාගිය ඔහු සියල්ල යකදුරු සමග පවසා කුමක්හෝ උපායක් යොදා මේ උවදුර තුරන් කරදෙනලෙස බැගෑපත් විය.
ඔහුගේ ඉල්ලීම ගැන කාරුණිකවූ යකදුරුතැන නුදුරු කලුවර පෝය දිනය අවතාරය මෙල්ල කිරීම සදහා දින නියම කරගැනුනි.
ඒවනතුරා අවශ්‍ය කලමනා සකසා ගන්නා ලෙසට පවසා තුන්ඩුවක්ද ඔහු අත තැබීය.
සියල්ල සුදානම්විය කලුවර පෝයද උදාවු අතර ගමේ කිහිප දෙනෙකු සමග යකදුරු, සෝමේගේ සොහොනවෙත ලගාවිය
මතු සම්බන්ධයි
මතු සම්බන්ධයි
0 comments:
Post a Comment